Press Statement
ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් රජය විධිමත් හා කඩිනම් පියවරක් ගත යුතුයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
05 Mar, 2018ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් සිදු කරන ලද පරික්‍ෂණ කටයුතු තර්කානුකූල අවසානයක් කරා ගෙන යාමට මෙතෙක් රජය මෙතෙක් අපොහොසත්විීම පිළිබඳව, දැඩි කනස්සල්ල පළකරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම අපරාධවලට වගකිවයුත්තන්ට එරෙහිව නීිතිය ක්‍රියාත්මක කිරිම තවදුරටත් පමා නොකොට වින්දිතයින්ට යුක්තිය ඉටු කරන ලෙස රජය ඇතුළු සියලු වගකිවයුතු පාර්ශවවලින් ඉල්ලා සිටි.
පසුගිය වකවානුව තුළ උතුරේ සහ දකුණේ සිදුවු ජනමාධ්‍යවේදී ඝාතන, බලහත්කාරයෙන් අතුරුදහන් කිරිම්, පැහැරගෙනයාම් හා තර්ජන එල්ල කිරිමේ සිදුවිීම් 30 කට අධික ප්‍රමාණයක් අතරින් දැනට පරික්‍ෂණ කටයුතු සිදුවෙමින් පවතින්නේ අතලොස්සක් සම්බන්ධයෙන් පමණි- ඒ සඳහා වුවද රජය හා ඊට වගකිව යුතු පාර්ශව ප්‍රමාණවත් උනන්දුවක් නොදක්වන බවත් සමහර සිදුවිම් යටපත් කිරීමට උත්සාහ කරන බවත් පෙනෙන්නට තිබේ.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට අදාළව මාස 8 තිස්සේ අපරාධ පරික්‍ෂණ දෙපාර්තුමේන්තුව විසින් යුද්ධ හමුදාවෙන් ඉල්ලා සිටින වාර්තා ඉදිරිපත් කිරිම පමා විම මීට එක් නිදසුනකී- පසුගිය දා එම නඩුව විභාගයට ගත් අවස්ථාවේ විවෘත අධිකරණයේ දී ප්‍රකාශයක් කරමින් මහෙස්ත්‍රාත්වරයා පවසා තිබුනේ යුද්ධ හමුදාව මෙම නඩු විභාගයට සාහය දෙන බව කලින් ප්‍රකාශ කළත්, දැන් ඊට සහායක් නොදක්වන බවයි- “ගිරිතලේ හමුදා කඳවුර පිළිබඳව හමුදාව සිදු කරන ප්‍රකාශ සහ ඊට අදාළ ලේඛන සොයා ගත නොහැකි බව කීම අධිකරණය නොමඟ යැවිමක් බවත් හමුදාව අධිකරණයට ඉදිරිපත් කරන ඇතැම් වාර්තා “මොන්ටිසෝරි ළමයින් ගේ වාර්තා” බඳු බවත් මහේස්ත්‍රාත්වරයා එහිදී ප්‍රකාශ කර තිබුණි.
මෙම අයහපත් තත්වය ජනමාධ්‍ය සමාජයේ පමණක් නොව පොදු සමාජයේ ද දැඩි සැකයට හා අවිශ්වාසයට හේතු වී තිබේ- රජය ඇතුළු ඇතැම් වගකිව යුතු අංශ සැලසුම් සහගතව මෙවැනි තත්වයක් නිර්මාණය කරන බවට ප්‍රබල සැකයක් සමාජය තුළ මෙහි දී ප්‍රබලව මතු වෙමින් තිබේ.
ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු සියළු වගකිව යුතු පාර්ශව මෙම සැක සහගත පිළිවෙතින් මිදී සාධාරණ හා අපක්‍ෂපාත ලෙස නිතීය ක්‍රියාත්මක කිරිමට සහාය දිය යුතු බව අවධාරණය කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දණ්ඩ මුක්තිය අවසන් කිරිම සඳහා රජයට බලපෑම් කිරිම සිවිල් සමාජයේ ද වගකීමක් බව පෙන්වා දෙයි.
Written By

Free Media Movement c/o SLPI, No 96, Kirula Road Colombo 05, Sri Lanka Telephone: +94 777 394 959 Fax: +94 11 257 3279
Comments
Resources
- IFJ South Asia Media Bulletin, 15 October 2020 10/18/2020 Download
-
States of Control: Covid, Cuts and Impunity 05/03/2020 Download
-
Journalists Detained and Journalists’ Safety Indicators 2019-20 05/03/2020 Read here