Press Statement
වාර්ගික ප්රචණ්ඩත්වයන් පාලනය කළයුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයද රැකගනිමිනි- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය(FMM)
09 Mar, 2018අම්පාර සහ දිගන ප්‍රදේශවල පැන නැගුණු වාර්ගික ප්රචණ්ඩත්වය හමුවේ මෙරට ප්‍රධාන ධාරාවේ බොහෝ ජන මාධ්‍ය ආයතන සමාජ වගකිම නිසි ලෙස වටහා ගනිමින් ක්‍රියා කළ ආකාරය පිළිබඳ නිසි ගෞරවය ඔවුන්ට හිමිවිය යුතු බව විශ්වාස කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, සමාජ මාධ්‍ය, සිවිල් සමාජය සහ රජය විසින් සැලකිල්ලට ගත යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරයි- බාහිර බලපෑම් හා නියෝගයන් ගෙන් තොරව තම වෘත්තීය ගරුත්වය ආරක්ෂා කර ගනිමින් වගකිම් සහගතව ක්රියාකිරිමේ ස්වයං විනයක් මෙරට ජන මාධ්‍ය ආයතන වැඩි ප්‍රමාණයක් සතුව ඇති බව මෙමඟින් සනාථ වු අතර, තවදුරටත් එම යහපත් තත්වය වර්ධනය කොට තහවුරු කිරිමේ අවශ්‍යතාවයද මෙහි දි පෙන්වා දිය යුතුය.
විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළවු වාර්ගික අසමගියට හේතුවන ගැටුම් උත්සන්න කිරිමට බලපෑ වෛරී ප්‍රකාශන සමාජය නොසන්සුන් කිරිමට හේතුවි තිබුනි– ඊට එරෙහිව ගත් යහපත් උත්සාහයන් කිහිපයක් ද සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබුන බව අප මෙහිදි අමතක නොකළ යුතුය.
කෙසේ වෙතත්, ඉහත පසුබිම තුළ පැවැති අයහපත් තත්වයට විසඳුම් සෙවිම කෙරෙහි රජයේත්, පුළුල් සමාජයේත් අවධානය යොමු විය යුතුව ඇති නමුත්, එම විසඳුම් ක්‍රියාමාර්ග සමාජයේ පුළුල් ප්රජාතන්ත්රවාදි පැවැත්මට කිසිසේත් අහිතකර නොවිය යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව අවධාරණය කරයි.
තත්වය පාලනය කිරිම සඳහා රජය මැදිහත් විමෙන් හදිසි නිතීය පැනවිම හා සමාජ මාධ්‍ය අවහිර කිරිමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රතිචාර දක්වන්නේ එම ස්ථාවරයේ සිටිමිනි. ඒ අනුව සාමාන්‍ය නිතීය යටතේ පාලනය කර ගැනීමට හැකිව තිබු ගැටුමක් එසේ පාලනය නොකිරිම හේතුවෙන් හදිසි නීතිය පැනවිම හා සමාජ මාධ්‍ය අවහිර කිරිම ඔස්සේ පාලනය කිරිමට උත්සාහ කිරිම කිසිසේත් යහපත් පුර්වාදර්ශයක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නොසලකයි.
ඉතිහාසයේ විවිධ අවස්ථාවල මෙසේ විවිධ හේතූන් මත ගෙන එනු ලැබු හදිසි නිතී රෙගුලාසි පසුකාලීනව ප්රජාතන්ත්රවාදී මහජන ක්රියාකාරිත්වයන් මර්ධනය කිරිමට යොදා ගත් අවස්ථා ලංකික සමාජය අත්දැක තිබේ- එබැවින් සාමාන්‍ය නීතිය හා මහජන අධ්‍යාපනය මඟින් විවිධ වාර්ගික අගතීන් තුරන් කිරිම සඳහා ගනු ලබන උත්සාහයන් උපරීම ලෙස ඉහළ නංවන ලෙසත්, හදිසි නීතිය ඇතුළු දැනට ගෙන ඇති ක්‍රියා මාර්ග මඟින් මෙරට පුළුල් ප්රජාතන්ත්රවාදයට හානි පැනවිමට ඉඩ නොතබන ලෙසත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටී.
Written By

Free Media Movement c/o SLPI, No 96, Kirula Road Colombo 05, Sri Lanka Telephone: +94 777 394 959 Fax: +94 11 257 3279
Comments
Resources
- IFJ South Asia Media Bulletin, June 2022 06/15/2022 Download
-
IFJ South Asia Media Bulletin, May 2022 05/15/2022 Download
-
IFJ South Asia Media Bulletin, April 2022 04/16/2022 Download