Press Statement

අලම්පිල් මාධ්‍යවේදීයාට එල්ලවු බලපෑම ගැන විධිමත් පරික්ෂණයක් අවශ්‍යයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

26 Mar, 2018
වසර අටකට අධික කාලයක් තිස්සේ යුද හමුදා පාලනය යටතේ පවතින අලම්පිල් ප‍්‍රදේශයේ භූමියක් සම්බන්ධ ගැටලූවකට අදාළව පළවන මහජන විරෝධය ඡායාරූප ගතකළ හිරු මාධ්‍ය ජාලයේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් යුද හමුදා භාරයට ගෙන තර්ජනාත්මකව කටයුතු කිරීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තම දැඩි විරෝධය පළ කරයි.
මෙසේ හමුදා භාරයට ගත් මාධ්‍යවේදියා පැය දෙකකට අධික කාලයක් රඳවා තබා ගැනීම ඔහුගේ වෘත්තීය කටයුතු වලට බාධා කිරීමක් සේ ම භාෂණයේ හා ප‍්‍රකාශනයේ අයිතිය එල්ල කරන ලද තර්ජනයක් ලෙසද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සලකයි.
වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ වටපිටාවක් නිර්මාණය වීම සඳහා මාධ්‍යවේදීන්ට බාධාවකින් තොරව සිය වෘත්තීය කටයුතුවල නිරත වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම බලධාරීන්ගේ වගකීමක් බව අවධාරණය කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ සඳහා මැදිහත් වන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටී.

Written By

Free Media Movement Free Media Movement

Free Media Movement c/o SLPI, No 96, Kirula Road Colombo 05, Sri Lanka Telephone: +94 777 394 959 Fax: +94 11 257 3279

Comments