Press Statement
Enews වෙබ් අඩවියට එරෙහි අවහිර ඉවත් කළ යුතුයි. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
09 Nov, 2017ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට ප්‍රවේශ වීමේ හැකියාව තාක්ෂණිකව අවහිර කිරීම මඟින් එම වෙබ් අඩවියට එරෙහිව නිල නොවන වාරණයක් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකව ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිරීක්ෂණය කරයි.
මෙම ක්‍රියාවෙහි වගකීම් පැවරෙන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් අමතා තොරතුරු විමසීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය උත්සාහ කළ නමුත් ප්‍රතිචාරයක් නොලැබුණි.
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය කියා සිටින්නේ විදුලි සංදේශ නියාමන කොමිසමේ මැදිහත්වීමෙන් 2017-11-08 දින සිට මෙම වාරණය පවත්වාගෙන යන බවයි. කොමිසම එම චෝදනාවට ද කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත. එම නිහඬතාව මගින්ද කොමිසම මෙම චෝදනාවට පිළිගැනීමක් ලබා දී තිබේ. වගකිව යුතු රාජ්‍ය ආයතනයක් වශයෙන් මේ අවස්ථාවේ විදුලි සංදේශ නියාමන කොමිසම වහා මේ පිළිබඳව කරුණු පැහැදිළි කරමින් ප්‍රකාශයක් නිකුත් කළ යුතු බව අපගේ අදහසයි.
චෝදනාව සත්‍ය නම් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට එරෙහිව පියවර ගෙන ඇති ආකාරයෙන් රජය පෙන්නුම් කර ඇත්තේ ඉදිරියේ දී වෙනත් ඕනෑම වෙබ් අඩවියකට හෝ මාධ්‍යයකට හෝ එරෙහිවද අත්තනෝමතිකව ක්‍රියා කිරීමට තමන් තුළ ඇති සූදානමයි. එබැවින් මේ පියවර ඔස්සේ වත්මන් රජය මෙරට ජනමාධ්‍ය නිදහසේ හා ප්රජාතන්ත්රවාදයේ අනාගතයට දරුණු අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව අවධාරණය කරයි.
එසේම, තෙවසරකට පෙර බලයට පත් වූ වත්මන් ආණ්ඩුව පසුගිය කාලය තිස්සේ ජනමාධ්‍යයට හා ජනමාධ්‍යවේදීන්ට එරෙහිව විවිධ වාග් ප්‍රහාර ඔස්සේ ගෙන ගිය තර්ජනාත්මක මැදිහත්වීම් ක්රියාකාරීභාවයට පරිවර්තනය කිරීමක් ලෙස ද මෙම ක්‍රියාමාර්ගය සැළකිය හැකිය.
රජයේ මෙම අත්තනෝමතික මර්දනකාරී නැඹුරුව වහා නිවැරදි කර ගනිමින් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට එරෙහිව පනවා තිබෙන වාරණය අහෝසි කරන ලෙසද ජනමාධ්‍ය නිදහසෙහි හා ප්රජාතන්ත්රවාදයෙහි පැවැත්ම සහතික කරන ලෙස ද දැඩිව ඉල්ලා සිටිමු.
Written By

Free Media Movement c/o SLPI, No 96, Kirula Road Colombo 05, Sri Lanka Telephone: +94 777 394 959 Fax: +94 11 257 3279
Comments
Resources
- IFJ South Asia Media Bulletin, 15 October 2020 10/18/2020 Download
-
States of Control: Covid, Cuts and Impunity 05/03/2020 Download
-
Journalists Detained and Journalists’ Safety Indicators 2019-20 05/03/2020 Read here